ගෑස් හිඟය⁣ට හේතු මෙන්න – ඩොලර් නෑ කියා ලාෆ් සමාගම ගෑස් ආනයනය නතර කරන්න හදයි

0
370

ලාෆ් ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් නොවීම තුළ ලිට්‍රො ගෑස් සඳහා දැඩි ඉල්ලුමක් පවතින බව ලිට්‍රො ගෑස් සමාගමේ සභාපතිවරයා පවසයි.

තමන් දෛනිකව ගෑස් මෙට්‍රික් ටොන් දහසක් වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගත්තත් ලාෆ් සමාගම අක්‍රීයවීම මත මෙම අර්බුදය හටගෙන ඇතිබව ලිට්‍රො ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා සඳහන් කරයි.

ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරන්නේ ලාෆ් ගෑස් සමාගමේ සැපයුම් බිඳවැටීම හේතුවෙන් බව තම සමාගමේ ගෑස් සදහා ඉල්ලුම වැඩිවීමෙන් ලිට්‍රො ගෑස් හිඟයක් ඇතිව තිබෙන බවයි.

මෙි අතර ගෑස් ආනයනය කිරීම සඳහා විදේශ මුදල් නැති වීම සහ ණයවර ලිපිය විවෘත කිරීමට නොහැකි වී ඇතැයි ලාෆ් ගෑස් සමාගම සඳහන් කරයි.

ඒ හේතුවෙන් තම සමාගමේ නිෂ්පාදන කටයුතු සිදුකිරීමට නොහැකි වී ඇතැයි සමාගමේ සභාපති ඩබ්.කේ.එච්. වෑගපිටිය මහතා පැවසීය.

මෙම ගැටළුව විසඳාගැනීම සඳහා රජය පාර්ශවයෙන් සාධනීය මැදිහත්වීමක් සිදු කර නැති බවද සභාපතිවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here