Sunday, September 8, 2024

ගිනිකන ත්‍රීරෝද රියැදුරන්ට ඇඬෙන්න වෙන වැඩක්…

ශ්‍රී ලංකාවේ ජාතික නාලිකාව වන ජාතික රූපවාහිනී සංස්ථාව විසින් සාම්ප්‍රදායික ටැක්සි රථ සේවා කර්මාන්තය සහ ප්‍රවාහන ක්‍ෂේත්‍රය විප්ලවීකරණයකට ලක්කරමින් නව ටැක්සි සේවාවක් ආරම්භ කිරීමට නියමිත බවට වාර්තා වේ.

එම ටැක්සි සේවාව සඳහා ප්‍රචාරණ නාමයක් යෝජනා කිරීම සඳහා ද ගණුදෙනුකරුවන්ට අවස්ථාව දී තිබේ.

මෙම ටැක්සි සේවාව මඟින් රියැදුරන්ට, රටේ පවත්නා මේ සේවාවට සමාන වෙනත් කිසිදු සේවාවක් සමඟ සම කළ නොහැකි අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ හිමිවින හවුල්කාරීත්වයක් ලබා දීමට සුදානම් වනබවට වාර්තා වන අතර ම මගීන්ටද පහසු මිල ගණන් සහිත ආරක්ෂාකාරී සහ විශ්වාසදායී අත්දැකීමක් ලබා දීමට නියමිත බව ද වැඩි දුරටත් වාර්තා වේ.

නව්‍යකරණයන් රැසකට ලක්වෙමින් තිබෙන ජාතික රූපවාහිනී සංස්ථාව නව වැඩසහන් සහ ටෙලි නාට්‍ය රැසක් ද ඉදිරියේ දී විකාශනය කිරීමට ද සුදානම් කර ඇති බව ද වාර්තා වේ.

ජාතික රූපවාහිනිය අලුත් සැලසුම් රැසක් සමග ප්‍රේක්ෂකයන්ට පමණක් නොව රටේ ජනතාවටත් සහනයක් අත්කරදීමේ ක්‍රමවේද රැසක්නුදුරේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles