Monday, September 23, 2024

ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් යළි ගොඩගනී.ජාත්‍යන්තර ටෙන්ඩර් කැදවයි.

මෙරට කොළඹ වරායට නුදුරු මුහුදේදී ගිනිගෙන විනාශවූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව එම ස්ථානයෙන් ඉවත් කිරීමේ කටයුතු ලබන නොවැම්බර් මුල් සතියේදී ආරම්භ කෙරෙනු ඇතැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සදහන් කළේය.

මෙම නැව ඉවත් කිරීමේ කටයුතු මෝසම් සුළං තත්වය නිසා තරමක් ප්‍රමාදවී ඇතත් නැව අයත් සමාගම නැව ඉවත් කිරීමට අදාල මූලික කටයුතු දිගටම කරගෙන යන බවද ප්‍රකාශ කළේය.මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ටෙන්ඩරයක්ද කැදවා ඇතැයි අලි සබ්රි මහතා පැවසුවේය.

නැව ඉවත් කෙරෙන ආකාරය සහ ඉන් ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතියට යම් හානියක් වේ දැයි සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා වෙළෙඳ නාවික අධ්‍යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුව ඊට අදාළ වාර්තාව තමාට ඉදිරියේදී බාර දෙනු ඇති බවත් අධිකරණ ඇමැතිවරයා සදහන් කළේය.

මෙම නැව අයත් සමාගම නැව ඉවත් කිරීමට අනුගමනය කරන වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඒ අයගෙන් තොරතුරු විමසන ලෙසටද අධිකරණ ඇමැතිවරයා එම විශේෂඥ කමිටුවට දැනටමත් උපදෙස් දී ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles