Wednesday, January 15, 2025

ගිය අවුරුද්දේ මුල් මාස නවයට කෝටි 31500 ක ගිණි පොළී ණය අරගෙන !

පසුගිය වසරේ මුල් මාස 9 තුළ රුපියල් කෝටි 31,500කට අධික ගිනි පොලී විදේශ ණය ලබාගෙන ඇති බව හෙළිවේ.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන මාසික ආර්ථික දර්ශක නම් වාර්තාවේ පසුගිය නොවැම්බර් මස කළාපයෙන් මෙම තොරතුරු අනාවරණය වේ. 2020 දෙසැම්බර් අවසන් වනවිට සහනදායී නොවන මුලු විදේශ ණය ප්‍රමාණය රුපියල් බිලියන 3064.06ක් තිබී ඇති අතර 2021 සැප්තැම්බර් අවසන් වන විට එම ණය ප්‍රමාණය රුපියල් බිලියන 3379.54ක් දක්වා ඉහල ගොස් තිබේ. මේ අනුව පසුගිය වර්ශයේ මුල් මාස 9 තුළ රුපියල් කෝටි 31්‍ර,500කට අධික විදේශ ගිනි පොලී ණය ලබාගෙන තිබේ.

එසේම, 2020 වර්ෂය අවසන් විට රජයේ සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 15,117.24ක් තිබූ අතර 2021 සැප්තැම්බර් අවසන් වනවිට එය බිලියන 17,051.74ක් දක්වා බිලියන 1884කින් ඉහල ගොස් තිබේ. එනම් පසුගිය වර්ෂයේ මුල් මාස 9 තුළ රුපියල් කෝටි 188,400ක ශුද්ධ ණය ප්‍රමාණයක් ලබා ගෙන ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles