කෙරවලපිටි යුගදනවි විදුලි බලාගාරයේ කොටස් 40% ක් ඇමරිකානු සමාගමකට පැවරීමේ ගිවිසුම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ සාකච්ඡාවක් පැවැත්විණි. ඒ සඳහා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක නියෝජියන් සහභාගි වී තිබෙනවා. සාකච්ඡාව අවසන්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අත්සන් කළ ගිවිසුමට වඩා ආණ්ඩුවේ පක්ෂ නායකයන්ගේ තීන්දුව වැදගත් බවයි.