ගීතාට ඇමතිකමක් නැති කමට කල්පනා කරලා ආතතිය හැදිලා

0
344

තමනට ඇමතිධූරයක් නැතිවීම හේතුවෙන් ඒ ගැන කල්පනා කළ ආතතිය හැදුන බවත් ඊට ප්‍රතිකාර ලබා ගනිමින් සිටින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කර තිබේ.


ඇය ඒ බව සඳහන් කර ඇත්තේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් හමුවේදීය.
තමන්ට ආණ්ඩුවෙන් රාජ්‍ය අමාත්‍ය තනතුරක් හෝ ලබා නොදීම ගැන ඇය ඉතා කණගාටුවෙන් එහිදී අදහස් පළ කර තිබේ.


ඒකාබද්ධ විපක්ෂයේ සිටි පනස් තුන් දෙනාගෙන් පනස් දෙනෙකුටම ඇමතිකම් ලැබී ඇති බවත් තමන්ට විතරක් ඇමතිකමක් ලැබී නැති බවත් පැවසූ ඇය එය තමනට කරන ලද විශාල අසාධාරණයක් යැයි සඳහන් කර ඇත.


ඇගේ දුක් ගැනවිල්ලට කිසිවකුගෙන් ප්‍රතිචාරයක් නොලැබී ඇති අතර රැස්වීම අවසන් වන්නටත් පෙර ඇය එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here