ගීතා අවුරුද්දකට ඇතිවෙන්න බූලිවලට තෙල් පුරවගෙනලු

0
276

පොදු ජන පෙරමුණ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන ගීතා කුමාරසිංහ මහත්මිය මතභේදාත්මක කතා කියන්න ප්‍රසිද්ධියක් උසුලනවා.

අවුරුද්දකට පමණ ප්‍රමාණවත් වන ඉන්ධන තොගයක් තමන් රැස්කරගත් සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කරයි.

ඉන්ධන හිගවෙතැනි බියෙන් තමන් මෙසේ කළ බවත් ඒ ආකාරයටම ආණ්ඩුවෙි මැති ඇමැතිවරුන් කිහිප දෙනෙකුද ඉන්ධන තොග රැස් කර ඇති බවත් ඇය පැවසුවාය.

මන්ත්‍රීවරිය පවසන්නේ තමාට නම් වසරක් යනතුරු තෙල් වලින් ප්‍රශ්නයක් ඇති නොවන බවයි.

බෙන්තර ඇල්පිටිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා බලමණ්ඩලය අමතමින් ඇය මෙම අදහස් පළ කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here