Monday, September 23, 2024

ගුණයහපත් සමාජයක් ගෙඩ නැගීම සඳහා සියළුම දෙනා කැපවෙමු- ජනපති

මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු වලදී කෙලින් වැඩ කරන ඕනෑම නිලධාරියෙකු ආරක්ෂා කිරීම සඳහා තමන් පුද්ගලිකවම මැදිහත් වන බවත්,ඒ සඳහා වත්මන් රජයේ ඇමති මණ්ඩලයද උපරීම සහාය ලබා දෙන බව තමන්ට විශ්වාස යැයි  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ජනාධිපති ‍මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ පුත්තලමේ පැවති ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ සටහනේ හත්වන දිස්ත්‍රික් උත්සවයට සහභාගි වෙමින්.
පුත්තලම ආනන්ද ජාතික පාසල්  ක්‍රීඩාංගනයේදී පැවති මෙම උත්සවයේදී තව දුරටත් කථා කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද කියා සිටියේය.
මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු වලදී පොලීසිය,සුරා බදු දෙපාර්තමේන්තුව සහ ත්‍රිවිධ හමුදාව විසින් සිදු කරන කටයුතු මීටත් වඩා සැළසුමක් ඇතිව සිදු කිරීමට මා බලාපොරොත්තු වනවා.මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා රහස්‍ය ඔත්තු සේවාව ශක්තිමත් කරන්න රාජ්‍යය ආරක්ෂක මණ්ඩලය තීන්දුවක් ගන්න අපි සුදානම් කර තිබෙනවා.
එමෙන්ම පොලීසිය,සුරාබදු සහ ත්‍රිවිධ හමුදාව එක් කර ඒකාබද්ධ මෙහෙයුම් සිදුකිරීමටත් ඉදිරියේදී මා බලාපොරොත්තු වනවා.එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට දැනට ලබා දෙන දඩුවම් වැඩි කිරීමටත් අවශ්‍යය කටයුතු කරන්න මම සුදානම්.ඔබ සියළු දෙනා ඊට කැමතිවන බවත් මට විශ්වාසයි.
මත්ද්‍රව්‍යය වැටලීම් සඳහා ක්‍රියාත්මක වන නිලධාරීන් ජාතික වීරයින් ලෙස සලකා ඔවුන්ට ජනාධිපති සම්මාන ලබා දීමේ වැඩ සටහනක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට මා බලාපොරොත්තු වනවා.
අපේ රටේ රාජ්‍යය නිලධාරීන් ඉතාමත් හොඳයි. ඒ වාගේම දක්ෂයි. ඔවුන්ට අවශ්‍යය වන්නේ නිවැරදි මග පෙන්වීමක්. ඒ වාගේම  පහසුකම් අවශයයි. අපි ඒවා ලබා දෙන්නම්. ඔවුන්ට අවශ්‍යය වන්නේ වැඩේ හරියට කරන කෙනාව ආරක්ෂා කරන එක.මම ඒ නිලධාරීන්ට කියා සිටිනවා ඔබේ කටයුත්ත ඔබ හරියට කරන්න,ආරක්ෂාව වෙනුවෙන් මම පෙනී සිටිනවා කියලා.ඒ සඳහා මාගේ වගේම සියළුම මැති ඇමතිවරුන්ගේද සහාය ඔබට ලැබෙනවා. ඒක ස්ථීරයි.
ලෝකයේ මතින් නිදහස්,ප්‍රබුද්ධ රටක් ලෙස ආදර්ශමත් මතින් නිදහස් රටක් ලෙස ගුණයහපත් සමාජයක් ගෙඩ නැගීම සඳහා සියළුම දෙනා කැපවෙමු. යැයි මා මෙම අවස්ථාවේදී ඉල්ලා සිටිනවා.
මෙම අවස්ථාවට ආගමික නායකයින්ද,පුත්තලම සහ කුරුණෑගල දිස්ත්‍රික්කයන්හි මැති ඇමතිවරුන්ද, රාජ්‍යය නිලධාරීන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් මෙන්ම පාසල් දරු දැරියන්ද සහභාගි වී සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles