Friday, September 27, 2024

ගුණවර්ධනට එරෙහිව ගුණවර්ධන – බන්දුල ගුණවර්ධන ගෙන් සැර ප්‍රකාශයක්

අද කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවක් ඇමතු වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා  සතොස සුදු ළුෑණු වංචාවට තමා සම්බ්න්ධ නම් ඉල්ලා අස් වන බව නැවතත් ප්‍රකාශ කළේය. 


එමෙන්ම ඔහු තුෂාන් ගුණවර්ධන මහතාට එරෙහිව වන්දි ඉල්ලා නීතිමය පියවර ගැනීමටත් සුදානම්ව සිටියි 


එහිදී අදහස් දැක්වූ ඒ මහතා,


“පාරිභෝගික කටයුතු අධිකාරියට දේශපාලන පත්වීමක් ලැබූ තැනැත්තෙක් සතොස සුදු ලූනු  වංචාව සම්බන්ධයෙන් මම සම්බන්ධ බවට ඉතා විශාල අභූත චෝදනාවක් එල්ල කිරීමෙන් පසු මට සිද්ධ වෙලා තියෙනවා මගේ විෂය පථයේ කරුණු හැර වෙනත් කිසිදු කරුණක් වෙනුවෙන් මෙම පරීක්ෂණය අවසන් වෙන තෙක් කිසිවක් කියන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙන්නේ. මට අද වෙනකල් සාධාරණයක් ඉටුවෙලා නෑ. දැනට වංචාවට සම්බන්ධ අය පෑලියගොඩ පොලීසිය මඟින් පරීක්ෂණවලට ගෙනියලා සමහරු බන්ධනාගාර ගත කරලා ඇප දීලා තියෙනවා. යම් කිසි ආකාරයකින් නූල් පොටකින් හරි, හොරකමකට, වංචාවකට, දුෂණයකට හෝ අක්‍රමිකතාවයකට සුදු ලූනු වංචාවට මම සම්බන්ධ යැයි ඔප්පු කළොත්.ඒ සැණින් මම පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් හා අමාත්‍යධූරයෙන් ඉවත්වන අතර, සදහට ම ලාංකීය දේශපාලනයට සමුගැනීම මගේ බලාපොරොත්තුවයි

පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයෙක්ව සිට ඉල්ලා අස් වූ තුෂාන් ගුණවර්ධන මහතා  සුදු ළූණු වංචාවට අදාළව කල ප්‍රකාශයක් මගින් තම කීර්තිනාමයට සහ දේශපාලන ජීවිතයට මහත් හානියක් සිදුවූ බව පවසා වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා  ඔහුට එදිරිව නීතිමය පියවර ගන්නා බව ලිඛිතව දන්වා ඇත. 


එය ගෙවීමට අපොහොසත් වුවහොත් එය  අයකර ගැනීම සඳහා වන නීතිමය ක්‍රියාමාර්ග වලටද යොමුවන බව එමහතා දන්වා ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles