Thursday, January 9, 2025

අගමැති ගුරැ – විදුහල්පති වැටුප් විෂමතාවට විසඳුම් දෙන බවට පොරොන්දු වීමත් සමගම වැඩ වර්ජනය අවසන් වෙයි

ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව පිළිබඳව ඉල්ලා සිටි ඉල්ලීම් වලින් කොටසක් එළඹෙන අය වැයෙන් ලබාදීමට ආණ්ඩුව එකඟ වී තිබෙනවා. ඒ අනුව යෝජිත වැටුප ලෙස විෂමතාවයෙන් 1/3 කොටස එකවර ලබාදීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පැවති සාකච්ඡාවේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ එකඟ වූ බවයි පැවසෙන්නේ .

ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය වෙනුවෙන් මහින්ද ජයසිංහ සහ ජෝසප් ස්ටාලින් යන මහත්වරු මේ බව ප්‍රකාශ කළා.

දෙපාර්ශවය අතර වූ මෙම සාකච්ඡාව සඳහා ඩලස් අලහප්පෙරැම, මහින්ද අමරවීර, උදය ගම්මන්පිල ඇතුළු පිරිසක්ම ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් සහභාගීව තිබුණා.

ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා කියා සිටියේ එම එකඟත්වය ගුරු අරගලයේ ප්‍රථිපලයක් බවයි. අයවැයේදී මෙම පොරොන්දු ඉටු නොවන්නේ නම් තම අරගලය තවදුරත් ගෙන යන බවද ඔහු අවධාරණය කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles