Monday, December 23, 2024

ගුරුවරුන්ගේ සාධාරණ ඉල්ලීම්වලට ඇහුම්කන් දෙනවා – අගමැති

ගුරු ගෞරවය ආරක්ෂා කළ රජයක් ලෙස ගුරුවරුන්ගේ සාධාරණ ඉල්ලීම්වලට ඇහුම්කන් දීමට සූදානම් බව ගුරු දිනය වෙනුවෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සුබ පැතුම් එක් කරමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

වෘත්තිය අරගලවල දී ගුරු ගෞරවය පිළිබඳ සිතන ලෙසත්, දරුවන්ගේ නැණස පෑදීමේ ක්‍රියාවලිය අඛණ්ඩව ඉටු කරන ලෙස ඉල්ලා සිටින බවත් අගමැතිවරයා කීවේය.

ලෝක ගුරු දිනයට සමඟාමීව අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ (6) සංවිධානය කළ ගුරු දින උත්සවයට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සුබ පැතුම් එක් කරමින් අගමැතිවරයා එසේ සඳහන් කළේය.

ගුරුවරුන් වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ඔස්සේ පළමු වතාවට හැඳුනුම්පතක් නිකුත් කිරීම ද මෙම උත්සවයට සමඟාමීව සිදු කෙරිණි. කොවිඩ් වසංගතයට සීමා වූ දරුවන්ගේ අධ්‍යාපනය නැවත ප්‍රකෘතිමත් කිරීමේ හදවත් ඇත්තේ ගුරුවරුන්ට බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. මුළු ලෝකයම වසංගතයක් හමුවේ අසරණ වී සිටින අවස්ථාවක පන්ති කාමරයේ සිටි භෞතික දරුවා වෙනුවට නිවසේ සිටින ඩිජිටල් දරුවාට ඉගැන්වීමට ඔබ ගන්නා වෙහෙස කොපමණ ද කියා හොඳාකාරවම දන්නා බවද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles