ගුරුවරුන්ට 5000 දීමනාව හිමි නොවෙි

0
245

රාජ්‍ය පළාත් අංක 03/2022 දරණ චක්‍රලේඛයට අනුව රාජ්‍ය සේවකයින්ට ජනවාරි මස සිට රුපියල් 5000ක අතිරේක දීමනාවක් හිමි ගැන්වීම ගුරු සේවයට හිමි නොවන බවට වාර්තා වනවා.

අම්පාර කලාප අධ්‍යාපන කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයට අනුවයි මේ බව තහවුරු වී ඇත්තේ.

ඉහත අංකය දරණ චක්‍රලේඛය අනුව 2022 ජනවාරි මස සිට රජයේ සේවකයින්ට හිමි ගැන්වෙන රුපියල් 5000 දීමනාව ගෙවීම තාවකාලිකව අත්හිටුවා ඇති බව පෙරේදා (18) දිනයේ අම්පාර කලාප අධ්‍යාපන කාර්යාලය මගින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ, නැගෙනහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පැවති ගණකාධිකාරිවරුන්ගේ රැස්වීමේදී යි.

එම අතිරේක දීමනාව අදාළ ගුරු වැටුප් පත්‍රිකාවේ පෙන්නුම් කළ ද, එය වැටුපට එක් නොකර ඇති බව ද නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

කෙසේවෙතත්, ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවකයින්ට රුපියල් 5000ක අතිරේක දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළේ පසුගිය 02 වැනි දිනයි.

මෙම දීමනාව විශ්‍රාමිකයන්ට ද ලබා දීමට තීරණය කෙරුණා.

ඒ අනුව විශ්‍රාමිකයින් ලෙස සිටින 666,480ක් දෙනාට ද රුපියල් 5000ක් මාසිකව අතිරේක දීමනාවක් ලෙසින් ලබාදීමට යෝජනා කෙරුනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here