ගුරුවරුන් යලි විරෝධතා කලොත් කුණු බිත්තර, තක්කාලි ගසාවි

0
435

මුදලට ජාතියේ අනාගතය පාවාදෙන්න එපා යැයි ආදරණීය ගුරු මෑණිවරුන් ගෙන් පියවරුන්ගෙන් වැඳ නමස්කාර කර ආයාචනා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසීය.

කොරෝනා වසංගතය මේ ආකාරයට පාලනය කර ගත්තේ ඉතා අමාරුවෙන් බවත් විරෝධතාකරුවන් කිමිප දෙනෙකුට වුවමනා වී ඇත්තේ වෛරසය නැවත ව්‍යාප්ත කිරීමට බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

නැවත විරෝධතා ආරම්භ කර තිබෙන මෙම ගුරු විරෝධතාකරුවන්ට ජනතාව තරවටු කරන කරමින් යන බව ද දුටු බවත් නමුත් ඊළඟ අවස්ථාවේ ඇතැම් විට කුණු බිත්තර තක්කාලි ගහන තත්වයට පත්වනු ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසීය.

එසේ වුවහොත් ගුරු ගෞරවය සම්පූර්ණයෙන්ම කෙලෙසුන් ඇති බවත් පැවසූ මන්ත්‍රීවරයා ඒ නිසා 21 වෙනිදා පාසලට ගොස් සහයෝගය ලබාදෙන්නැයි කාරුණිකව ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

මන්ත‍්‍රිවරයා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here