Sunday, January 12, 2025

9 වනදා ගුරුවරු දැවැන්ත විරෝධතාවයකට සූදානම්න්

සියලු වෘත්තිය සමිති ඒකාබද්ධව ලබන 09 වෙනිදා කොළඹ දී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කරන බව ලංකා ගුරු සංගමය පවසයි.

එම සංගමයේ ජෝසෆ් ස්ටාලීන් මහතා සඳහන කර සිටියේ, ගුරු – විදුහල්පති වෘත්තීය සමිති මේ වන විට ආරම්භ කර ඇති අකුරට වැඩ කිරිමේ වෘත්තිය ක්‍රියාමාර්ගය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවය.

ඒ අනුව මේ වන විටත් ක්‍රියාත්මක අකුරට වැඩ කිරිමේ වෘත්තිය ක්‍රියාමාර්ගය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි ඔහු සඳහන් කළේ.

ඒ අනුව 9 වනදා පස්වරු 2.00 ට ලිප්ටන් වටරවුමට සියලු වෘත්තීය සමිති නායකයින් කැඳවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

“අපි මේ දිනවල විශේෂයෙන් ම ගුරු – විදුහල්පතිවරු අකුරට වැඩකිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව පාසල් පද්ධතියේ සිදුකරමින් ඉන්නේ. අපි ළමයින්ට ඉගැන්වීම් පමණයි කරන්නේ. වෙනත් කාර්යන් කිසිවත් අපි කරන්නේ නෑ. අපේ රාජකාරිය 7.30 – 1.30 දක්වා පමණයි සිදුවන්නේ. අද දවසේ සිට අපි බලාපොරොත්තු වෙන්නේ අලුත් තත්ත්වයක්. සියලු වෘත්තීය සමිති ඒකාබද්ධ ක්‍රියාමාර්ගයක් ගන්නවා. අපි බලාපොරොත්තු වෙනවා 9 වනදා පස්වරු 2ට ලිප්ටන් වටරවුමට සියලු වෘත්තීය සමිති නායකයෝ කැඳවන්න. එතන දී ගුරු අරගලය සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් ගන්න සහ ඒ අරගලය පෙරට ගෙනයෑමට. අපි පැහැදිලිවම කියන්න කැමතියි මේ අරගල සියල්ල ඒකාබද්ධ වන දිනය වැඩි ඈතක නෙමෙයි කියන එක ආණ්ඩුව දැනගත යුතුයි.”

ආණ්ඩුව විසින් ගුරු – විදුහල්පති වැටුප් ගැටලුව නොසලකා හැරීම මෙරට නිදහස් අධ්‍යාපනයට එල්ලවු පහරක් බව පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles