ගුරු අරගලයට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයත් එක්වෙයි – හෙට කොළඹදී සත්‍යග්‍රහයක්

0
306

ගුරු-විදුහල්පති වෘත්තීය සමිති ආරම්භ කර තිබෙන වෘත්තීය සටන සඳහා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සහයෝගය පළ වී තිබෙනවා. එම අරගලය සඳහා තම සංවිධානයද එකතු වන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති වසන්ත සමරසිංහ මහතා සඳහන් කරනවා.

රටේ සියලු වෘත්තීය සමති ගුරුවරුන්ගේ අරගලය සඳහා සහයෝගය දක්වන බවත්, එම අරගලය ඉදිරියට ගෙනයාම සම්බන්ධයෙන් වෘත්තීය සමිති නායකයන් සමග සාකච්ඡා කර තීන්දු රැසකට එළඹි බවත් ඔහු සඳහන් කරනවා.

ඒ අනුව හෙට දිනයේදී ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ මැදිහත්වීමෙන් කොළඹ නිදහස් චතුරස්‍රය ඉදිරිපිට සත්‍යග්‍රහයක් පැවැත්වීමට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය තීරණය කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here