ගුරු වර්ජනය අවසන් කරන දිනය ගැන ඉඟියක්

0
304

රජය විසින් එළඹෙන සඳුදා දින වන විට ගුරු වැටුප් ගැටලුවට විසඳුම් ලබාදීමට කටයුතු කළහොත් තමන් වර්ජනය අවසන් කිරීමට සූදානම් බව ලංකා ගුරු සංගමය පවසනවා.

ඒ ඊයේ (28) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

කොරෝනා වසංගතය හේතුවෙන් දරුවන්ගේ සාමාන්‍ය අධ්‍යාපනය නතර වී එය ඔන්ලයින් අධ්‍යාපනයක් බවට පත් වී මාස 17ක් ගතව ඇතත් මෙරට ලක්ෂ 43ක් වස සිසු දරුවන්ගෙන් ඔන්ලයින් අධ්‍යාපනය ලැබුනේ 40%ක පිරිසකට පමණක් බවත් අධ්‍යාපනය නොලද ඉතිරි 60%ක සිසු සිසුවියන් සම්බන්ධව රජයට කිසිඳු වැඩපිළිවෙලක් නොතිබූ බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසනවා.

එමෙන්ම, ඔන්ලයින් අධ්‍යාපනය ලද පිරිසටද ගුරුවරුන් ඉගැන්වූයේ තමන්ගේ වියදමින් බවත් එයත් පසුගිය දින 48 තුල නැවතී ඇති බැවින් ඒ සම්බන්ධව අධ්‍යාපනය ඇමතිවරයා කරන ලද ඉල්ලීමක් අනුව ලබා දුන් අමාත්‍ය මණ්ඩල අනුකමිටුව වාර්තාව ගුරු යෝජනාවලට සරිලන ආකාරයෙන් සකස්කළහොත් එළැඹෙන සඳුදා සිට නැවතත් ඔන්ලයින් අධ්‍යාපනය ක්‍රියාවලිය ආරම්භ කළ හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here