Tuesday, September 24, 2024

ගුරු වැටුප් සම්බන්ධයෙන් ආණ්ඩුව හොඳ යෝජනාවක් කර තිබෙනවා – රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා

ගුරු වැටුප් සම්බන්ධයෙන් ආණ්ඩුව හොඳ යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන බැවින් එය පිළි අරගෙන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කරන ලෙස ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සඳහන් කරයි.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ ඉකුත්15 දින කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා,


“කොරෝනා වසංගතය නිසා ලංකාවේ පමණක් නොවේ ලෝකයේම දරුවන්ගේ අධ්‍යාපනය අහිමි වූ අතර, ලංකාවේ දරුවන්ට කොරෝනා වසංගතයට අමතරව ස්ටාර්ලින්ලා නිසාද දීර්ඝ කාලයක් දරුවන්ගේ අධ්‍යාපනය  අහිමි වුනා.

මේ රටේ දරුවන් ගැන මීට වඩා සිතිය යුතු බවත් ඒසේ නොකර දරුවන්ගේ අධ්‍යාපනය වසර හතළිහකට ආපස්සට හැරවීමට උත්සාහ කරනවා. ස්ටාර්ලින් මහත්තයට කියන්නෙ පාසල් දරුවෝ ගැන හිතන්න කියලා. තමන්ගේ දරුවෙකුට අවුරුදු දෙකක් අධ්‍යාපනය නැතිව ගියොත් මොකක්ද වෙන්නේ.

මීට වඩා දරුවන් ගැන සිතිය යුතුයි. ආදරණීය මව්වරුන්, පියවරුන් මේ අවස්ථාවේ ගෞරවයෙන් ඉල්ලන්නේ දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන්න කියලයි. විශේෂයෙන් දියුණු රටවල් ලෝකයේ උඩුගුවනට ගිහින් සංචාරය කරන්න පුළුවන්ද කියලා බලන්න “ස්ටර්ලින් ව්‍යාපෘතියක්” හදලා තියෙනවා. මෙහෙ ඉන්න ස්ටාලින්ලා රටේ දරුවන්ගේ අධ්‍යාපනය අඩාල කරලා, දරුවන්ගේ අධ්‍යාපනය ආපස්සට ඇදගෙන යන්න හදනවා ද ? කියලා සැකයක් තියෙනවා.

ආණ්ඩුවක් විදියට මුදල් ගෙවන්නේ ජනතාව දෙන මුදල්වලින්. ජනතාව ගෙවන බදු මුදල් වලින්. කොරෝනා අවස්ථාවේ හැම කෙනාම අමාරුවෙන් ඉන්නෙ. ඒ නිසා ආණ්ඩුව ගුරු වැටුප් සම්බන්ධයෙන් හොඳ යෝජනාවක් දීලා තියෙනවා. ඒ යෝජනාව මේ අවස්ථාවේ පිළි අරන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා” යැයි රාජ්‍ය අමාතය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles