ගුරු විදුහල්පති අරගලයේ ප්‍රාදේශීය උද්ඝෝෂණ තාවකාලිකව නැවැත්වීමට වෘත්තීය සමිති තීරණය කරයි

0
381

වැටුප් විෂමතා ඉවත් කිරීම, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති දියත් කර ඇති අරගලයේ, ප්‍රාදේශීය උද්ඝෝෂණ ක්‍රියාමාර්ග පමණක් තාවකාලිකව නැවැත්වීමට තීරණය කර තිබෙනවා. අද පෙරවරුවේ රැස්වූ ගුරු විදුහල්පති වෘත්තීය සමිති සියල්ල ඒ්කාබද්ධව මෙම තීරණයට එළඹ ඇත්තේ රටේ කොරෝනා රෝගයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින්. කෙසේ නමුත් මෙතෙක් දියත් කළ ඔන්ලයින් වර්ජනය, විභාග රාජකාරි වර්ජනය මෙන්ම අනෙකුත් සියලු වර්ජන ක්‍රියාමාර්ග ඉදිරියටත් පවත්වා ගෙන යන බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.

 

age

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here