ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඇතුලු ගැටලු සම්බන්ධයෙන් විසදුම් ලබා දීමට ඇමති අනුකමිටුව විසින් සකස් කරන යෝජනාමාලාව අද දිනයේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට භාර දීමට නියමිතයි.
ඒ අනුව අනුකමිටුව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සමග පැවැත්වූ සාකච්ඡාවේදී ඉදිරිපත් කරන ලද සාධනීය යෝජනාද එහිදී සළකා බැලූ බවයි ඇමති අනුකමිටුවේ සාමාජික පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළේ.