ගුරු-විදුහල්පති වර්ජනය දිගටම, 21 පාසල් එන්නෙත් නැහැ

0
285

එළබෙන 21 වැනිදා සිට පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා තිබුණද, පාසල්වල රාජකාරි කටයුතු සඳහා සහභාගි නොවීමට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය තීරණය කර ඇත.

තමන්ගේ ගැටලු පිළිබඳ අවස්ථා කිහිපයකදී සාකච්ඡා පැවැත්වුවත්, තවමත් ඊට සාධාරණ පිළිතුරක් ලැබී නොමැති බව ඔවුන් පෙන්වා දෙයි. කෙසේ නමුත් අධ්‍යාපන අමාත්‍යාංශය එළබෙන 21 වැනිදා සිට පාසල් ආරම්භ කිරිමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග මේ වනවිට ගනිමින් සිටියි.

ඒ අනුව ගුරුවරුන් නොමැති වුවත්, ආරම්භ කෙරෙන පාසල් කටයුතු අධීක්ෂණයට කලාප කාර්යාල නිලධාරීන් සහ ගුරු උපදේශකවරුන් අනියුක්ත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් ලබාදී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here