Saturday, January 25, 2025

ගුරු විදුහල්පති වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව…

ගුරු විදුහල්පතිවරුන් විසින් ආරම්භ කර ඇති ඔන්ලයින් ඉගැන්වීම් වර්ජනය වදුරටත් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

ගුරු විදුහල්පති වෘත්තීය සමිති 31ක සහභාගීත්වයෙන් අද පැවැති සාකච්ඡාවක දී මෙම තීන්දුව ගෙන තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග ඊයේ පැවති සාකච්ඡාවෙන් පසු අද රැස්වූ වාත්තීය සමිති විසින් මෙම තීරණය ගනු ලැබීය.

ඊයේ දිනයේ අග්‍රාමාත්‍යතුමා සමග පැවති සාකච්ඡාවේදී ආණ්ඩු පාර්ශවයෙන් යෝජනා වූ විසඳුම සම්බන්ධයෙන් එකඟතාවක් පලකිරීමට නීත්‍යානුකූල ලේඛනයක් හෝ පිළිගත හැකි සාධකයක්නොමැති නිසා සහ එම විසඳුම ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය ඉවත් කිරීමට ප්‍රමාණවත් නොවන බැවින් ගුරු විදුහල්පති වරුන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ගය තවදුරටත් අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංධානය අද තීරණය කරනු ලැබුවා.

එළඹෙන විසි එක් වෙනිදා පාසල් ආරම්භ කිරීමටකටයුතු යොදා තිබුණද ඒ සම්බන්ධයෙන් ගුරු විදුහල් පතිවරුන් ගන්නා තීරණය කුමක් දැයි ආණ්ඩුවේ ප්‍රතිචාරය සමඟ තීරණය කරන බව අද මාධ්‍ය හමුවට එක්වෙමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ නායකයින් ප්‍රකාශ කර සිටියා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles