ගුරු විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් 44 දෙනා අධිකරණයට

0
300

වැටුප් විශමතා ගැටළුව මුල් කරගනිමින් ඊයේ පැවැත්වූ විරෝධතා රථ පෙළපාලිය අවසානයේදී අත්අඩංගුවට ගත් 44 දෙනා අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. වසර ගණනාවක් තිස්සේ පවතින වැටුප් ගැටලුවට නිසි විසඳමක් නොලැබීමට විරෝධය පළ කරමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති ඊයේ මාර්ග 4 ක් ඔස්සේ විරෝධතා රථ පෙළපාළිවලින් කොළඹට පැමිණියා. එම පෙළපාලි පැමිණියේ නුවර පාර, මීගමුව හයිලෙවල් පාර සහ ගාලුපාර ඔස්සේයි. ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැමිණීමෙන් අනතුරුව විරෝධතාකරුවන් විසිර ගිය අතර එම අවස්ථාවේදී විරෝධතා සඳහා සහභාගී වූ 44 දෙනෙකු වරාය පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුණා. නීති විරෝධී රැස්වීමක සාමාජිකයින් වීම, මහා මාර්ගයේ රැඳී සිටිමින් අයුතු ලෙස අවහිර කිරීම, ජාතික මංමාවත් පනත යටතේ ප්‍රධාන මාර්ගයක් අවහිර කිරීම සහ නිරෝධායන හා රෝග වැළැක්වීමේ පනත උල්ලංඝනය කිරීම යන චෝදනා ඔවුන්ට එල්ල වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here