ගුරු සංගම් කළ ප්‍රකාශය පිළිගත නොහැකියි මුරුත්තෙට්ටුවේ හිමි

0
298

අගමැතිවරයා සමග පැවැති සාකච්ජාවලදී නිහඩව සිට පසුව එළියට පැමිණ විසදුම්වලට එකග නැති බවට ගුරු සංගම් කළ ප්‍රකාශය පිළිගත නොහැකි සදාචාර විරෝධී එකක් බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ කීහ.

උන්වහන්සේ සදහන් කර සිටියේ ගුරු සංගම් නම්‍යශීලීව කටයුතු කළ යුතු බවත්, අවස්ථාවාදී ලෙස කටයුතු නොකළ යුතු බවත්ය.

තමන් වහන්සේ මැදිහත් වීමෙන් මෙම සාකච්ජාව පවා ලබා දුන් බව කී උන්වහන්සේ අධ්‍යාපන ඇමැතිවරයාත් ලේකම්වරයාත් ඍජුව තීන්දු ක්‍රියාත්මක කළ යුතු බවද කීය.

පසුගිය කාලයේදී අධ්‍යාපන අමාත්‍යවරයා සහ ගුරු සංගම් අතර අභයාරාමයේ පැවැති සාකච්ජාද අසාර්ථක වී තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here