ගුරු සංගම් හා ඇමති අනු කමිටුවේ සාකච්ඡාවක් අද

0
301

ගුරු විදුහල්පති වැටුප් ගැටලුව විසඳීමට පත් කල ඇමති අනු කමිටුව සහ වර්ජනයේ නිරත ගුරු වෘත්තීය සමිති අතර සාකච්ඡාවක් අද පැවැත්වෙනවා.

නිව්ස් රේඩියෝ කල විමසීමකදී වෘත්තිය සමිති සඳහන් කලේ අද පස්වරුවේ කොළඹදී එම සාකච්ඡාව පැවැත්වෙන බවයි.

මෙම හමුව ඊයේ දිනයේදී පැවැත්වීමට නියමිත වුවද එය අද දක්වා කල් ගියා.

මේ අතර ඇමති අනු කමිටුව කියාසිටියේ සියලු වෘත්තීය සමිති සමග සාකච්ඡා කර සිය නිරීක්ෂණ ඇතුළත් වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here