ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට විසඳුමක් නොලැබුණු නිසා දැනට සිදුකරගෙන යන වෘත්තීය කි්රයාමාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව ලංකා ගුරු සේවා සංගමයේ ප්රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ඊයේ (13 දා) පැවසීය.
ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කර ගැනීම සඳහා අගමැතිවරයාගේ ප්රධානත්වයෙන් පැවැති සාකච්ඡුාවේදී වැටුප් විෂමතාවය අදියර තුනකින් විසඳීමටත්, එක් පියවරක් ලබන ජනවාරියේ ද, ඊළඟ අධියර දෙක 2023 ජනවාරි විසඳීමට යෝජනා වුවත් එයට ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකඟ නොවූ බවද ජයසිංහ මහතා කීය.
ලබන 21 වැනිදා පාසල් නැවත ආරම්භ කිරීමට නියමිතව පවතින නිසා ඒ සම්බන්ධයෙන් ගතයුතු කි්රයාමාර්ග පිළිබඳව ගුරු විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයන් සාකච්ඡා කර ප්රකාශයක් අද (14 දා) නිකුත් කරන බවද ඔහු කීය. මේ වනවිට ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වී සිටීමේ වෘත්තීය කි්රයාමාර්ගය අඛණ්ඩව ඉදිරියටත් ගෙනියන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.