Saturday, January 11, 2025

ගුරු සහායකයින්ට 7500ක ජීවන වියදම් දීමනාවක්‌

පාසල්වල සිටින දස දහසකට අධික ගුරු සහායකයන් සඳහා රුපියල් 7500/- ක ජීවන වියදම් දීමනාවක්‌ ලබාදීමට කැබිනට්‌ පත්‍රිකාවක්‌ ඉදිරිපත් කර ඇතැයි අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතා ලංකා ගුරු සංගමයට ඊයේ (13 වැනිදා) දැනුම් දුන්නේය.

ඇමැතිවරයා මෙම දැනුම් දීම කළේ ගුරු සහායකයන්ගේ ජීවන වියදම් දීමනාව වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්‌ මුල් කර ගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට ලංකා ගුරු සංගමය පැවැත්වූ උද්ඝෝෂණයෙන් පසුව සිදු කළ සාකච්ඡාවේදීය.

ගුරු සහායකයන් ගුරු සේවයේ 3-ෂෂ ශේ්‍රණියට අන්තර්ග්‍රහණය කරන ලෙසට සංගමය කළ ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බලා කටයුතු කරන බව ඇමැතිවරයා ප්‍රකාශ කළේ යෑයි ද ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්‌ටාලින් මහතා පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles