කටුනායක අන්තර් ජාතික ගුවන් තොටුපොළේ ආගමන හා විගමන නිලධාරීන් අද (28) දහවල් ආරම්භ කළ වැඩවර්ජනය මේ වන විට අවසන් කර තිබෙනවා.
එම නිලධාරීන් මෙලෙස වැඩවර්ජනයක් ආරම්භ කළේ ගුවන් තොටුපොළ පර්යන්තයේ ගොඩනැගිලිවල සී.සී.ටීවී කැමරා පද්ධතියක් අලුතින් සවි කිරීමට විරෝධය පළ කරමින්.
කෙසේ වෙතත් ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ නියෝජ්‍ය සභාපති එච්.එස්. හෙට්ටිආරච්චි මහතා ලබාදුන් ලිඛිත එකඟතාවකට අනුව පස්වරු 1.15ට පමණ වර්ජනය අවසන් කෙරුණා.
ආරක්ෂක අමාත්‍යංශය සමග සාකච්ඡා කර ගැටලුවට විසඳුමක් ලබාදෙන බවයි එම ලිපියේ දක්වා ඇත්තේ.
මෙම වර්ජනය හේතුවෙන් කටුනායක අන්තර් ජාතික ගුවන් තොටුපොළේ ගුවන් ගමන් වාර 8ක් ද ප්‍රමාද වුණා.