Monday, September 23, 2024

ගුවන්තොටුපොළ 26 වනදා සංචාරකයින්ට විවෘත කෙරෙන ලකුණු

මේ මස 26 වනදා සිට සංචාරකයින් සඳහා මෙරට ගුවන්තොටුපොළවල් විවෘත කිරීමට බලාපොරොත්තුවන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඒ අනුව සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන්ට අනුකූලව සංචාරක ක්ෂේත්‍රය යළි ආරම්භ කරන බව ඔහු පෙන්වා දෙයි.

ගාල්ල, බද්දේගම ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

“පාස්කු ප්‍රහාරයත් කොවිඩ් වසංගතයත් නිසා සංචාරක ව්‍යාපාරය අවදානමකට ලක්වෙලා තිබුණා. ඒ නිසා ඊට සම්බන්ධ පිරිස් පීඩාවට පත්වුණා. දැන් නැවත සංචාරක ව්‍යාපාරය අපි ආරම්භ කරන්න කටයුතු කරමින් යනවා. මේ මාසේ 26 වනදා සිට ගුවන්තොටුපළවල් සංචාරකයින්ට විවෘත කරන්න අපි බලාපොරොත්තුවෙනවා. සති දෙකක් තුනක් සංචාරකයින් ඕනම කෙනෙකුට ගේන්න හදලා ඒ අයත් එක්ක මේ වැඩපිළිවෙල ආරම්භ කරන්න සැලසුමක් තියෙනවා. සෞඛ්‍ය හිතකාමීව මේ සංචාර ව්‍යාපාර ආරම්භ කිරීම තමයි අපේ අරමුණ.” යනුවෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles