ගුවන් තොටුපොළේ ආරක්ෂක නිලධාරීන් පිරිසකට කොරෝනා

0
432

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සේවය කරන ආරක්ෂක නිලධාරීන් 11 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි පවසනවා.

මෙලෙස වෛරසය ආසාදනය වී ඇත්තේ ජා-ඇල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකට බවත් ඔවුන්ට එම ප්‍රදේශයෙන් මෙම වෛරසය ආසාදනය වී ඇති බවයි ගුවන් තොටුපොළ සේවා සභාපතිවරයා සඳහන් කළේ.

මෙම ආරක්ෂක නිලධාරීන් පිරිස ඔවුන්ගේ නිවාස වලම සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ නීරෝධායනය සදහා යොමු කර ඇති බව ද සභාපතිවරයා ප්‍රකාශ කර සිටියා.

මේ වනවිට එම ආරක්ෂක නිලධාරීන් සමීපව ඇසුරු කළ තවත් ගුවන් තොටුපළ නිලධාරීන් පිරිසක් PCR පරීක්ෂණ සදහා ලක් කර ඇත.

මේ අතර හෙට දිනයේ දී තවත් කටුනායක ගුවන් තොටුපළ නිලධාරීන් 140 දෙනෙකු PCR පරීක්ෂණ සදහා යොමු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බවයි  ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි වැඩිදුරටත් පැවසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here