ගුවන් නියමුවෝ අකුරට වැඩ කිරීම තීව්‍ර කළ හොත් බාහිර ගුවන් නියමුවන් යෙදවීමට සූදානමින් – Sri Lankan Air Lines

0
295

සති දෙකක සිට ශ‍්‍රී ලංකා ගුවන් නියමු සංගමය ආරම්භ කර තිබෙන අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක‍්‍රියාමාර්ගය දිග්ගැස්සී ගියහොත් ඊට මුහුණදීම සඳහා බාහිර ගුවන් නියමුවන් විසිපස්දෙනකු සීරුවෙන් තැබීමට ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගම කටයුතු කර ඇති බව වාර්තාවේ.

මේ අතර ජ්‍යෙෂ්ඨ ගුවන් නියමුවන් සාමාන්‍යයෙන් මසකට රුපියල් ලක්‍ෂ විසිපහක තිහක වැටුපකට හිමිකම් කියන බවත් ගුවන් ගමන්වලදී තුන්වේලටම යන වියදම් වැඩි කරන ලෙස ඉල්ලා මොවුන් වෘත්තීය ක‍්‍රියාමාර්ගය ආරම්භ කර ඇති බවත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පාලන අධිකාරිය පවසයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පාලන අධිකාරිය පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ගුවන් ගමන් නිසි කාලසටහන්වලට අනුව මෙහෙයවීම සඳහා පිටත සිටින ගුවන් නියමුවන් පිරිස සීරුවෙන් තබා තිබීම නිසා ගුවන් ගමන් වලට කිසිදු ප‍්‍රශ්නයක් ඇති නොවන බවද වාතාවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here