ගුවන් යානයේ දරු උපතක්‌

0
597

සවුදි අරාබියේ ජෙඩා නුවර සිට නිව්යෝර්ක්‌ බලා පියාසර කරමින් තිබූ සවුදි අරාබියා 21 (Saudi Arabian 21) ගුවන් යානයේ ගමන් ගත් මගී කාන්තාවක්‌ විසින් දරුවකු ප්‍රසූත කර ඇත.

උතුරු අයර්ලන්ත අහස්‌ තලයේදී සිදුවූ මෙම තත්ත්වය හේතුවෙන් ගුවන් නියමුවා විසින් හදිසි තත්ත්වයක්‌ ප්‍රකාශයට පත් කරමින් ගුවන් යානය එංගලන්තයේ හීත්‍රොa ගුවන් තොටුපළට ගොඩ බැස්‌සවීමට සලස්‌වා ඇත.

සත් මසැති දරු උපතක්‌ වශයෙන් මෙසේ උපත ලබා ඇත්තේ ගැහැනු දරුවෙකි. ප්‍රසූත කටයුතු සඳහා ගුවන් යානයේ කාර්ය මණ්‌ඩලය සහාය ලබා දී ඇති අතර දරුවා නිරෝගී සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here