Sunday, September 8, 2024

ගුවන් විදුලිය නා ගනී… ගෙදර ගිය සේවකයෝ අනාථයි!

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පසුගිය මාස දෙක තුළ සේවකයින් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ ක්‍රියාවලියක් ආරම්භ කර තිබුණා. ඒ් අනුව මුල් වටයේදී ගුවන් විදුලිය සතු විශිෂ්ට සන්නිවේදකයින් රැසක් ඔවුන්ට හිමිවන්නා වූ පාරිතෝෂික මුදල් වලට එකඟ ව සේවයෙන් විශ්‍රාම ගියා. එලෙසම සිංහල අංශයේ මේ වන විට වැඩසටහන් නිෂ්පාදකයන් ඉතිරිව ඇත්තේ එක් අයෙකු පමණක් වන අතර ඉතිරි පස් දෙනා ද VRS ක්‍රමය යටතේ ආයතනයෙන් ඉවත් ව තිබෙනවා.

නමුත් ඇති වී ඇති ප්‍රශ්නය නම් මෙසේ සේවකයින්ට ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාමට ගුවන් විදුලි සභාපතිවරයා සහ පාලනාධීකාරිය විසින් එකී සේවකයන් වෙත ඉදිරිපත් කර ඇත්තේ නීති විරෝධී ක්‍රමවේදයක් වීමයි. ඒ් අනුව ඔවුන්ට හිමි පාරිතෝෂික දීමනා කිසිවක් නොලැබෙන තත්ත්වයක් ඇතිව තිබෙනවා. හිතාමතාම සිදුකර ඇති මෙම ක්‍රියාව නිසා සේවකයින් රැසක් දැඩි අර්බුදයකට මුහුණපා සිටිනවවා

ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වූ අනූෂ පැල්පිට විසින් එකී සම්මත ක්‍රමවේදය ගැන පැහැදිලි මාර්ගෝපදේශ දක්වා ඇති ඇති අතර එහිදී ගුවන් විදුලිය අනුගමනය කළ ක්‍රමවේදය වැරදි බව සඳහන් කර තිබෙනවා.

රාජ්‍ය මාධ්‍යයක පාලකයින් වගකීමෙන් තොරව ක්‍රියාකරන ආකාරය ගැන මීට පෙර CIA වාර්තා කළා. ඒ් අනුව සේවකයින් නැවත සේවයට බඳවා ගන්නට හෝ ආයතනය සේවකයින් නොමැති වීම නිසා වසාදැමීම යන කාරණා දෙකෙන් එකක් සිදුකළ යුතුව තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles