ගෘහස්ථ ගෑස් හා එහි උපාංග පිළිබඳ ප්‍රමිතිය පරික්ෂා කිරීම ඉදිරියේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත – රාජ්‍ය ඇමති ලසන්ත කියයි

0
343

ගෘහස්ථ ගෑස් හා එහි උපාංග පිළිබඳ ප්‍රමිතිය පරික්ෂා කිරීම ඉදිරියේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත පැවරීමට සුදානම් බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවක දී ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ඊට අදාළ ව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ආනයන පාලකගෙන් ඉල්ලීමක් ද සිදු කර ඇති බවයි.

මතුව ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ දිවයින පුරා ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදාහැරීම සහ අලෙවිය අත්හිටුවීමට තීරණය කෙරුණා. ගෑස් කාන්දු සිදුවීම් පිළිබඳ සොයාබැලීමට සාම්පල් පරීක්ෂාවක්ද සිදු කළ අතර, ඒ පිළිබඳ මොරටුව සරසවියේ විද්‍යාඥයන්ගේ වාර්තාව බලධාරීන් වෙත භාර දී තිබෙනවා. ගෘහස්ථ එල්.පී. ගෑස්වල ප්‍රොපේන් සහ බියුටේන් සංඝටකවල අනුපාතයන් වෙනස් කිරීම පිළිබඳවද එහිදී අවධානය යොමු වී ඇති බව සඳහන් වෙි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here