Thursday, January 23, 2025

ගෙදර යන්න වුණාට මට දුකක් නැහැ.මේ ආණ්ඩුවේ වැඩ ගැන නම් කණගාටුයි – රනිල්

අග‍්‍රාමාත්‍ය ධූරය සහ ආණ්ඩුව අහිමිවී ගෙදර යෑමට සිදුවීම පිළිබඳ තමාට කනගාටුවක් නැතැයි එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රී, හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.එහෙත්, වත්මන් ආණ්ඩුව සහ අගමැති කටයුතු කරන ආකාරය දුටුවිට තමාට කණගාටු යැයි ද හෙතෙම සඳහන් කළේය.විපක්‍ෂ මන්ත‍්‍රී බුද්ධික පතිරණ මහතා ඇසූ ප‍්‍රශ්නයකදී මතු වූ කතාබහක් අතර තුර රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව දිනේෂ් ගුණවර්ධන මහතා වෙත කියා සිටියේය.

දිනේෂ් ගුණවර්ධන මහතා – අගමැතිතුමා විසින් මන්ත‍්‍රීවරියන් වෙත පාර්ලිමේන්තුවේදී ලබාදිය යුතු පිළිතුරු ලබාදීමේ සම්ප‍්‍රදාය ප‍්‍රතික්‍ෂේප කරල නෑ. රටේ සිටින විට එවැනි උත්තර දෙනවා. හිටපු අගමැති තුමන් රටේ නොසිටි අවස්ථාවක දී එහෙම වුණා. හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අත්දැකීම් සම්භාරයකින් අද කතාකිරීම ගැන සතුටු වෙනවා. නමුත් එතුමා, එහෙම වැඩ කලා නම් අද ගෙදර යන්නේ නෑ. දැන් උපදෙස් දෙනවාට වඩා හිටපු අගමැතිතුමා කිව්වා අනෙක් ඇමතිවරුන්ට, රාජ්‍ය ඇමතිවරුන්ට වැඩ බෙදා දෙන්න කියලා. අපි ඒ වැඩකටයුතු කරගෙන යනවා. රනිල් වික‍්‍රමසිංහ මහතා, ගෙදර ගිය එක ගැන කණගාටුවක් නෑ. මගේ කණගාටුව ඉන්න අය කරන දේ බැලූවහම යැයි එහිදී ප‍්‍රකාශ කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles