Sunday, September 22, 2024

ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නීත්‍යනුකූල කරන්න ජනපතිගෙන් උපදෙස්

නායයෑම් අවදානම් කළමනාකරණය කිරීමේ ජාතික කේන්ද්‍රස්ථානය වන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ආරම්භ කර වසර 37ක් ගතව ඇතත් තවමත් ඊට නෛතික තත්ත්වයක් හිමිව නැතැයි පැවසේ.

ඒ නිසා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහා වර්තමාන භූමිකාව ඇතුළත්ව පනතක් කෙටුම්පත් කිරීමට ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට යෝජනා කර ඇත.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය 1984 වසරේදී අමාත්‍ය මණ්ඩල තීරණයක් මත ස්ථාපිත කළ කෙරිණි. පළමුව පළාත් පාලන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කරන ලද අතර පසුව විවිධ අමාත්‍යාංශ හා ආයතන යටතට පත්කොට තිබේ.

2007 වසරේ සිට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශයේ විෂය පථයට යටත් කරන ලද අතර වර්තමානයේදී රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශ විෂය පථයට යටත්ව ක්‍රියාත්මක වේ.

පවරා ඇති රාජකාරී සහ වගකීම් නිසි ලෙස ඉටුකරලීමට නෛතික තත්ත්වයක් හිමිවිය යුතු බවට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය වරින් වර ඉල්ලීම් කර ඇති අතර 2016 වසරේදී අවශ්‍ය නීති සම්පාදනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව පනතක් කෙටුම්පත් කර ඇතත් විවිධ හේතු නිසා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැති බැවින් නව පනත් කෙටුම්පතක් සකසා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.

ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහා වර්තමාන භූමිකාව ඇතුළත්ව පනතක් කෙටුම්පත් කිරීමට ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට යෝජනා කර ඇත.

දිනමිණ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles