ගොඩබිමෙන් සහ මුහුදෙන් එන ආක්‍රමණවලට මුහුණදීමට සූදානම් – ඉන්දියාව

0
381
The President of Korea-India Parliaments’ Association, Republic of Korea, Mr. Song Young Gil, accompanied by two more Parliamentarians, meeting the Secretary (Defence Production), Dr. Ajay Kumar, in New Delhi on July 04, 2019.

ගොඩබිමෙන් හෝ මුහුදින් එල්ල වන ඕනෑම අභියෝගයකට මුහුණදීමට තම රට සූදානම් බව ඉන්දීය ආරක්ෂක ලේකම් අජේ කුමාර් පවසයි.

ඉන්දීය ආරක්ෂක ලේකම්වරයා මෙි අදහස් පළකර ඇත්තේ ගෝවාහි පැවති ආරක්ෂක සමුළුවක් අමතමිනි.

එහිදී, කලාපයේ සාමය අපේක්ෂා කරන රටවල් සමග එක්ව කටයුතු කිරීමට සූදානම් බවද ඉන්දීය ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කර ඇත.

කෝවිඩ් සමයේ ආරක්ෂක අංශවලට වෙනත් කටයුතුවල නිරතවීමට සිදුවුවද රටෙි සහ කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇති බවද හෙතෙම මෙහිදී අවධාරණය කළේය.

මේ වනවිට ඉන්දියාව සහ චීනය අතර දේශසීමා සම්බන්ධයෙන් විවිධ මත ගැටුම් පවතින අතර පකිස්තානය ද ඉන්දියාවේ අභ්‍යන්තර ආරක්ෂාවට තර්ජනාත්මක ලෙස කටයුතු කරන බවට අදහස් පළව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here