Tuesday, January 14, 2025

ගොවිතැන් කර හමාරයි; පොහොර මිටියක් 10000 ට අලෙවි වෙයි

රසායනික පොහොර තහනමට පෙර රුපියල් 1500 ත් 2000 ත් අතර මිලට අළෙවි වූ කිලෝ 50 පොහොර මිටියක් මේ වන විට රුපියල් 10,000 කට ආසන්න මිලකට අලෙවි කරන බව පොහොර ලේකම් කාර්යාලයෙන් දැනගන්නට ලැබෙි.

ආනයනික රසායනික පොහොර ගොවි ජනතාවට දරාගත හැකි මිලකට ලබාදීමට ආනයනකරුවන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් ගොවි ජනතාවට හැකි උපරිම සහන සැලසීමට බලාපොරොත්තු වන බවත් එහි උසස් නිලධාරියෙකු කීය.

යූරියා කිලෝ 50ක බෑග් එකක් ඇතැම් ප්‍රදේශ වල රුපියල් 25,000 ත් 30,000 ත් අතර මිලකට අලෙවි වන බව ගොවීහු පවසති.

රුපියල් 6,500ට රජය මගින් බඩඉරිඟු වගාව සඳහා ගොවීන්ට ලබාදුන් පොහොර මෙසේ ඉහළ මිල ගණන්වලට අලෙවි කරන බවත් එම මිල ගණන්වලට මහා පරිමාණ කුඹුරු ඉඩම් හිමියන් පොහොර ලබා ගන්නා බවත් ගොවීහු පවසති.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles