ගොවිබිම් අත්පත් කර ගැනීමට එරෙහිව පකිස්තානයේ විරෝධතා

0
305

පකිස්තානයේ ජන්ජාබ් ප්‍රාන්තයේ ගුජාරාට් නගරයේ ගොවීන් එරට රජයට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ගම්මාන තුනක කෟෂිකාර්මික ඉඩම් අත්පත් කර ගැනීමට එරෙහිව මෙම විරෝධතා ව්‍යාපාරය දියත් කර ඇති බවයි.

මෙම ගොවිබිම් අත්පත් කරගෙන එහි දැවැන්ත කාර්මික කලාපයක් ස්ථාපිත කිරීමට පකිස්තාන බලධාරීන් සූදානම් වන අතර ඒ සදහා වැයකිරීම‍ට අපේක්ෂිත මුදල පකිස්තාන රැපියල් බිලියන 1. 3 කි.

‍ඉඩම් අහිමිවන ගොවීන් සදහන් කරන්නේ තමන් සංවර්ධන ව්‍යෘපෘතිවලට විරැද්ධ නොවන මුත් තමන්ගේ ජීවන මාර්ගය අහිමි කර සිදුකරන සංවර්ධනය ඵලක් නොමැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here