මෙවර ජනාධිපතිවරණය මව්බිමේ ඉරණම තීන්දු වන තීරණාත්මක අවස්ථාවක් නිසා විදෙස් ගත ග්රී ලාංකිකයින් රැසක් සිය ඡන්දය භාවිතා කිරීම පිණිස ග්රී ලාංකාවට පැමිණිමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.
ඒ අනුව දශක තුනක් පුරා ඇදී ගිය යුද්ධය නිමා කිරීමට නායකත්වය ලබාදුන් රාජපක්ෂවරුන්ට කෘතගුණ සැලකීමක් ලෙස, පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් වී සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්රහණය වෙනුවෙන් ඡන්දය පාවිච්චි කිරීමට විදෙස් ගත ග්රී ලාංකිකයින්ගේ මහත් උනන්දුවක් ඇති වී තිබේ. ඔවුන් දැනටම ගුවන් ටිකට්පත් මිලදී ගෙන ගුවන් යානා වෙන් කර ගෙන ඇති බව වාර්තා වන අතර සමහර ග්රී ලාංකිකයින් මේ වන විටද මව්බිමට පැමිණ ඇත්තේ ජනාධිපතිවරණය ආසන්න වෙත්ම ඇති වන තදබදය සලකා බලාය.
විශේෂයෙන්ම මැද පෙරදිග, කොරියාව, ඕස්ටේලියාව, කැනඩාව, ඉතාලිය වැනි රටවල වෙසෙන බහුතර විදෙස් ගත ග්රී ලාංකිකයින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්රහණය වෙනුවෙන් ඡන්දය පාවිච්චි කිරීමට ග්රී ලංකාවට පැමිණීමට දැඩි උනන්දුවක් දක්වන බව එම රටවල තානාපති අංශ පෙන්වා දෙයි.
අනාගත පරපුර වෙනුවෙන් රටක් තිබිය යුතු නිසාත්, එය ආරක්ෂා කර ගත හැක්කේ ගෝඨාභය රාජපක්ෂ මහතාට පමණක් වන නිසා විදෙස් ගත ග්රී ලාංකිකයින් තුළ මෙලෙස ඔහු පිළිබඳව උනන්දුවට හේතු වී ඇත.