Monday, September 23, 2024

ගෝඨාභයට 31 ක්, මහින්දට 88 ක්, චමල්ට 37 ක්. ඇමැතිවරුන්ගේ ආයතන ගැසට් කරයි

නව රජයේ ඇමැතිවරුන්ට අයත් අමාත්‍යංශවල විෂයන් සහ ආයතන ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ(10) මධ්‍යම රාත්‍රියේදී නිකුත් කර තිබිණ.

එම ගැසට් නිවේදනයට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අයත් ආරක්ෂක අමාත්‍යංශයට ආයතන 31ක්ද, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අයත් මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යංශයට ආයතන 48ක්ද, අග්‍රාමාත්‍යවරයාටම අයත් බුද්ධ ශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යංශයට ආයතන 23ක්ද, අයත් වේ. මීට අමතරව මහින්ද රාජපක්ෂ මහතා ම අමාත්‍ය ධූරය දරන නාගරික සංවර්ධන ජල සම්පාදන නිවාස පහසුකම් අමාත්‍යංශයට ආයතන 17ක්ද අයත් වේ.

මීට අමතරව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයට ආයතන 20ක්ද, ප්‍රජා සවිබලගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශයට ආයතන 6ක්ද, නිපුණතා සංවර්ධනා රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යංශයට ආයතන 19ක්ද අයත් වේ.

කාන්තා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යංශයට ආයතන 14ක්ද, සෞඛ්‍ය දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශයට ආයතන 28ක්ද, එම ගැසට් නිවේදනය මගින් වෙන් කර තිබේ.

තොරතුරු සන්නිවේදනය තාක්ෂණ අමාත්‍යංශයට ආයතන 16ක් සහ උසස් අධ්‍යාපන තාක්ෂණ නවෝත්පාදන අමාත්‍යංශයට ආයතන 28ක්ද අයත් වේ.

මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යංශයට ආයතන 26ක් සහ අභ්‍යන්තර වෙළඳ ආහාර සුරක්ෂිතතාවය සහ පාරිභෝගික සුබසාධන අමාත්‍යංශයට ආයතන 11ක්ද වෙන්කර තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, කාලගුණ දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇතුළු ආයතන ආරක්ෂක අමාත්‍යංශය යටතට අයත් වේ.

මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යංශය යටතට මහා භාණ්ඩාගාරය, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව, සියලුම රාජ්‍ය බැංකු ඇතුළු ආයතන අයත් වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles