“ගෝඨා-මෛත්‍රී ඝාතන කුමන්ත්‍රණය ගැන වහා පරීක්ෂණ අරඹන්න’’ – එජාප මහලේකම් ඉල්ලයි

0
510

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් ඝාතනය කිරීමට තිබූ බව කියන සැලසුම ගැන වහා පරීක්ෂණයක් අරඹන්නැයි රජයට පවසන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ සැලසුමක් තිබූ බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් දයාසිරි ජයසේකර මහතා මෑතකදීත් මාධ්‍ය හමුවේ කියා තිබූ බව කී පාලිත රංගෙ බණ්ඩාර මහතා කුමන්ත්‍රණයක් තිබුණා යැයි කතා කරමින් නොසිට ඒ ගැන පරීක්ෂණයක් පවත්වන්නේ නැත්තේ ඇයිදැයි ප්‍රශ්න කළේය.

අදාල කුමන්ත්‍රණයට ගොදුරු වීමට සිටි බව කියන දෙදෙනාම අද මෙන්ම එදාත් විධායක ජනාධිපතිවරුන් වන හෙයින් පරීක්ෂණ සඳහා කිසිම බාධාවක් නැතැයි ද එජාප මහලේකම්වරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here