ගෝල්ෆේස් අරගලයට කලාකරුවන්, ලේඛකයන් ඇතුළු දහස් ගණනක් අද කොළඹට….

0
614

ගෝල්ෆේස් ජනාධිපති කාර්යාල භූමියට ඇතුළුවන සියළුම මාර්ග මේ වන විට පොලීසිය විසින් අවහිර කර ඇත. ලේක්හවුස් වටරවුම හරහා වාහන ධාවනයට ඉඩ සලසා ඇත.
ගෝල්ෆේස් හා ඒ අවට ආයතන හා හෝටල් වල වාහන පරික්ෂා කිරීමෙන් පසුව ඇතුළු කිරිමට ඉඩ සලසා ඇත.

ඒ අනුව එන්.එස්.ඒ. වටරවුමේ සිට චෛත්‍ය පාර, එන්.එස්.ඒ. වටරවුමේ සිට ජනාධිපති මාවත, සෙරමික් හන්දියේ සිට යොර්ක් වීදිය, ජී.ඕ.එච්. හන්දිය දක්වා, බැංකු මාවත, සෙරමික් හන්දියේ සිට එන්.එස්.ඒ. වටරවුම දක්වා ලෝටස් මාවත, පහළ චැතම් විදීය, ජි.ඕ.එච්. හන්දියේ සිට ප්‍රධාන මාවත සහ ලේඩියන් බැස්ටියන් මාවත යන මාර්ගවලට විරෝධතාකරුවන්ට ඇතුලුවීම තහනම් වනු ඇති.

එමෙන්ම අද සවස 3.00 ලංකාවේ ලේඛන වෘත්තියෙහි යෙදෙන ලේඛක ලේඛිකාවන්, පොත් ප්‍රකාශන ආයතන හිමිකරුවන්, මුද්‍රණ ශිල්පීන් ඇතුළු විශාල පිරිසක් පවතින අර්බුදය නිසා තමුන්ගේ කර්මාන්ත පවත්වාගෙන යාමේ දුෂ්කරතාවට විරෝධය පෑමට අරගල භූමිය වෙත පැමිණීමට නියමිතව ඇත. එම විරෝධතා පා ගමන කොල්ලුපිටිය මංසන්ධියෙන් ඇරඹෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here