Wednesday, September 25, 2024

ගෝලීය උණුසුම නිසා නගර වාසයට නුසුදුසු වන ලකුණු

සීඝ්‍ර ජනගහන වර්ධනය සහ ගෝලීය උණුසුම ඉහළ යෑම හේතුවෙන් නගර දැඩි උණුසුමට ලක්වන අතර, එමඟින් සෞඛ්‍යමය ගැටලු ඉහළ ගොස් ඇති බව විද්‍යාඥයින් පෙන්වා දෙනවා.

එමඟින් ලොව දුප්පත් ජනතාව නගරවලට සංක්‍රමණය වීමෙන් ලැබෙන ප්‍රතිඵල අඩු වී ඇති බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

ගෝලීය උණුසුම ඉහළ යෑම ලෝක ජනගහනයෙන් හතරෙන් එකකට පමණ බලපා ඇති බවයි ඇමෙරිකානු ජාතික විද්‍යා ඇකඩමිය නිකුත් කළ මෙම වාර්තාවේ දැක්වෙන්නේ.

පසුගිය දශක කිහිපය තුළ මිලියන සංඛ්‍යාත ජනතාව ග්‍රාමීය ප්‍රදේශවල සිට නගරවලට සංක්‍රමණය වුණා.

හරිත ස්වභාවයෙන් අඩු නගර තුළ උණුසුම අඛණ්ඩ ව ඉහළ යමින් පවතින බවයි 1983 සිට 2016 වසර දක්වා ලොව පුරා නගර 13,000 ක දත්ත විශ්ලේෂණය කරමින් විද්‍යාඥයින් පෙන්වා දී ඇත්තේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles