Sunday, September 22, 2024

මෑත ඉතිහාසයේ ලෝකය මුහුණ දුන් බරපතලම ණය අර්බුදයට මුහුණ දෙමින් ගෝලීය ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 226 දක්වා ඉහළ යයි

ගෝලීය ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 226 දක්වා ඉහළ ගොස් ඇතැයි, අන්තර්ජාතික මූල්‍ය අරමුදල පවසයි. මෙය මෑත ඉතිහාසයේ ලෝකය මුහුණ දුන් බරපතලම ණය අර්බුදයයි.

කොරෝනා වසංගතය ලෝකය පුරා පැතිර යාමත් සමග සැපයුම් දාමය අඩපණ විය. නිෂ්පාදනය පහත වැටිණ. ණය අර්බුදයට ප්‍රධාන හේතුවී ඇත්තේ මෙයයි. දල දේශීය නිෂ්පාදනයට සාපේක්ෂවයි රටක ණය ප්‍රමාණය ගණනය කෙරෙන්නේ.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල නිකුත් කළ වාර්තාවේ සඳහන් වන්නේ, ලොව සෑම රටක්ම ණය මත යැපෙන බවයි.

ජපානය, සුඩානය හා ග්‍රීසිය යන රටවල් දැනට වැඩිම ණය ප්‍රමාණයක් ලබා ගෙන ඇති රටවල් අතර පෙරමුණේ වෙයි. ජපානය තම දල දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව 27%ක ඉහළ ණය ප්‍රමාණයක සිරවී සිටියි. ඒ 2010 වසරේ සිටයි. දල දේශීය නිෂ්පාදන අගයට වඩා 200%ක ණය ප්‍රමාණයක් ලබාගෙන ඇති ලොව ප්‍රථම රට බවට පත්වූයේ ජපානයයි.

මේ ආකාරයට ලොව රටවල් ඉහළ ණය ප්‍රමාණයක් ගැනීම ගැටලු සහගත වන බවයි, අන්තර්ජාතික මූල්‍ය අරමුදල පවසන්නේ. එහි ප්‍රතිඵලයක් ලෙස ලොව මිලියන 97ක පිරිසක් දැඩි ලෙස දිළිඳු භාවයට පත් වන බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල පවසයි.

Rupavahini News

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles