Sunday, January 19, 2025

ගෝලීය වසංගතය අවසන් වෙිවි. ඔමික්‍රොන් යනු අවසාන කොවිඩ් ප්‍රභේදය නොවෙි – WHO ප්‍රධානී

ඔමික්‍රොන් යනු අවසාන කොවිඩ් ප්‍රභේදය නොවනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රස් ඇඩනම් මහතා අනතුරු අගවනවා.

එම ප්‍රභේදයත් සමග කොවිඩ් වසංගතය ලොවෙන් තුරන් වනු ඇති බවට ඇතැමුන් පළකර ඇති අදහස් පිළිගත නොහැකි බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කරන්නේ.

කෙසේවෙතත් කොවිඩ් ගෝලීය වසංගත තත්වය මෙම වසරේදී අවසන් කිරීමට හැකිවනු ඇති බවටද ඔහු සුභවාදී බලාපොරොත්තු පළකළා.

“අපට කොවිඩ්-19 ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස අවසන් කළ හැකි අතර අපට එය මේ වසරේ කළ හැකියි” ටෙඩ්‍රොස් එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ඒජන්සියේ විධායක මණ්ඩලයට පැවසීය.

සෑම රටකම ජනගහනයෙන් සියයට 70 ක් පූර්ණ එන්නත්කරණයට ලක් කිරීම වැනි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉලක්ක ජයගතහොත් මෙම වසරේ මැද භාගය වනවිට ගෝලීය වසංගත තත්වයෙන් මිදිය හැකි වනු ඇති බවටයි ටෙඩ්‍රස් ඇඩනම් මහතා අනාවැකි පළකරන්නේ.

මේ අතර එන්නත් මාත්‍රා 02 ක් ලබාගෙන ඇති සංචාරකයන් රටට පැමිණීමේදී මින් ඉදිරියට කොවිඩ් පරික්ෂණයකට පෙනී සිටීම අනිවාර්ය නොවන බවට මහා බි්‍රතාන්‍යය විසින් නව නියමයක් පනවා තිබෙනවා.

කොවිඩ් -19 වයිරසය හේතුවෙන් සෑම තත්ත්පර 12 කට වරක් යමෙකු මිය යමින් සිටියද, ලෝකයට කොවිඩ් -19 හදිසි අවස්ථාව මේ වසරේදී අවසන් කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නොම් ගෙබ්‍රයෙසුස් ප්‍රකාශ කරයි.

නමුත් එසේ කිරීම සඳහා එන්නත් සහ ප්‍රතිකාර සඳහා සාධාරණ ප්‍රවේශයක් සහතික කිරීමට වයිරසය සහ එහි නැගීඑන ප්‍රභේද නිරීක්ෂණය කිරීමට සහ සීමාවන් ක්‍රියාත්මක කිරීමට රටවල් වෙහෙස මහන්සි වී වැඩ කළ යුතු බව ඔහු අනතුරු ඇඟවීය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කළේ මේ වසරේ මැද භාගය වන විට ලොව සෑම රටක්ම සිය ජනගහනයෙන් අවම වශයෙන් සියයට 70 ක් පූර්ණ එන්නත්කරණයට ලක් කළ යුතු බවයි.

කොරෝනා වයිරසයෙන් මේ වන විට මිය ගිය ලෝකවාසීන්ගේ සංඛ්‍යාව මිලියන 5.5 කට අධිකයි. ලොව නැවතත් කොරෝනා ව්‍යාප්තිය ඉහළ ගොස් ඇත්තේ ඔමික්‍රොන් ප්‍රභේදය හේතුවෙන්ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles