ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිනිය
වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ 76 වසරක දිවි සැරිය අලලා රචිත ස්වයං කථන චරිතාපදානයක් වූ ‘චන්ද්‍රිකා’ කෘතිය ඊයේ (14) එළිදැක්වුණා.
ඒ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ පැවති උත්සවයකදීයි.
‘චන්ද්‍රිකා’ කෘතිය ලේඛක තරිඳු තොටවත්ත විසින් රචනා කර තිබෙනවා.
උත්සවයේ මුඛ්‍ය දේශනය හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක විසින් සිදු කළා.