Tuesday, September 24, 2024

චන්ද්‍රිකා සමග SLFP ජ්‍යෙෂ්ඨයෝ පැය 7ක හමුවක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂයින් පිරිසක් අහුංගල්ලේ හෝටලක විශේෂ රැස්වීමක් පවත්වා තිබෙනවා. හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වෙයෙන් පවැති මෙම රැස්වීම පැය හතක පමණ කාලයක් පමණ පවත්වා ඇති බවයි වාර්තා වෙන්නේ.

පෙ.ව. 10.00ට පමණ ආරම්භ වූ රැස්විම පස්වරු 5.00 ඉක්මවන තෙක් පවත්වා ඇති අතර එහිදි පක්ෂයේ ගැටලු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

කෙසේ වෙතත් පක්ෂයේ සභාපති ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම රැස්වීමට සහභාගිවී නොමැත.

අමාත්‍ය දුමින්ද දිසානායක, හිටපු අමාත්‍ය ආතාවුද සෙනෙවිරත්න, නන්දිමිත්‍ර ඒකනායක, දකුණු මහ ඇමති ශාන් විජයලාල්ද සිල්වා, උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ යන මහත්වරුන් මෙම රැස්වීමට එක්ව තිබෙනවා.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles