Thursday, January 9, 2025

චන්දිමාල්ගේ සාදය ගැන පොලිස් පරීක්ෂණ මන්දගාමී වෙයි.

රටේ නිරෝධායන නීතිය අභියෝගයට ලක්කරමින් පසුගියදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැති උපන්දින සාදය ගැන ශ්‍රී ලංකාවේ මුල්ම ආනාවරණය සිදුකරන ලද්දේ CIA විසිනි.

ඉන්පසුව පැවැති පොලිස් අත්අඩංගුවට ගැනීම නාට්‍යානුසාරයෙන් රඟ දැක්වූ අතර පැයකට අඩු කාලයක් තුළ ශරීර ඇප මත සැකකරුවන් නිදහස් කිරීමට පොලීසියට සිදුවූයේ අධිකරණයෙන් ලබා දුන් තීන්දුව මතය. එහිදී ඔවුන් නිරෝධායනයට නොයැවූ අතර නිදහසේ ගෙදර යන්නට අවස්ථාව ලබාදුනි.

එමෙන්ම මේවන විටත් සාදයට සම්බන්ධ වූ 45 පමණ පිරිසෙන් ‘ඉතා අමාරුවෙන්’ හ‍ඳුනාගෙන ඇත්තේ 08 දෙනෙකු පමණි. තවත් අය හඳුනාගන්නට හෝ පොලීසිය අසමත්ය. සාදයට අවසර දුන් හෝටල් පාලනාධිකාරරිය විරුද්ධව කිසිදු බරපතළ චෝදනාවක් නැත.

නීතිය ගමේ මනුස්සයාට එක විදියකටත් VIP චරිත සඳහා තව විදියකටත් බලපාන්නේ ඇයිදැයි ජනතාව ප්‍රශ්න නඟයි…

අද දිනයේ සිය ෆේස්බුක් ගිණුමේ ඡායාරූපයක් පළකරමින් පියුමි හංසමාලි මහත්මිය ‘බුහ් හා හා…’ යනුවෙන් සිනාවී තිබ්බේ කාටදැයි කිසිවකු නොදනීද???

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles