Sunday, December 29, 2024

චම්පිකගේ අලුත්ම පොත සඳුදාට එයි

Charge of the Lion Brigade, ‘‘බලය සහ බලය’’  හා ‘‘ආලාපාළු ආර්ථිකය’’ (DOOM- BOOM ECONOMY) කෘති එළිදැක්වීමෙන්  අනතුරුව ඇමති පාඨලි චම්පික රණවක විසින් රචිත නවතම කෘතිය වන “ප්‍රවේසමෙන් මූල්‍ය අගාධයක් ඉදිරියෙන්”  කෘතිය දොරට වැඩීම ලබන සඳුදා සිදුකිරීමට නියමිතය.

ඒ අනූව ලබන 20 වැනිදා සවස 3ට කොළඹ 7 පදනම් ආයතනයේදී එම පොත එළිදැක්වීමට නියමිතව තිබේ.

පසුගිය කාලයේ දේශපාලන ආර්ථික හා සමාජයීය පරිසරය තුළ සංවාදයට බඳුන් වූ කරුණු බොහෝමයක්  බලය සහ බලය පොතින් චම්පික රණවක ඇමතිවරයා අනාවරණය කළ අතර එහි දෙවැනි අදියර ලෙස ආලාපාළු ආර්ථිකය එළිදැක්විණ.

ඒ පසුගිය 2014 වසරේ දෙසැම්බර් (15 දා) වූ අතර එහි එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූයේ 2015 ජනවාරී 08 ජනාධිපතිවරණයේ පොදු අපේක්‌ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාය.

ඇතැම් ඇමැතිවරුන් සහ නිලධාරීන්ට අවශ්‍ය පරිදි පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සම‍යේ  සිදු කෙරුණු රටට අහිතකර ගනුදෙනු, ආර්ථික ඝාතන ඒ හරහා ගොඩනැගුණු කැසිනෝ හල්, වරාය, ගුවන් තොටුපළ හා වෙනත්  සංවර්ධන ක්‍රියාදාමයන් මුලාවෙන් සිදුවූ ආර්ථික පරිහාණියත්, මෙගා ඩීල් සම්බන්ධයෙනුත් එහි කරුණු අනාවරණය කර ඇත.

එසේම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේදී එනම් පරිසර හා ස්වාභාවික සම්පත් ඇමැතිවරයා ව සිටියදී ද  පාඨලී චම්පික රණවක මහතා විසින් රචිත Charge of the Lion Brigade කෘතිය ද දොරට වැඩීම සිදුවූයේ 2009 ‍ඔක්තෝබර් 16 වැනිදාය.

එහි ප්‍රධාන ආරාධිතයා වූයේ එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාය.

අන්තර්ජාතික යුද උපක්‍රම පිළිබඳ මෙන්ම  එල්.ටී.ටී.ඊය පරදවමින් ශ්‍රී ලංකා හමුදාවන් අත්පත් කරගත් ඓතිහාසික ජයග්‍රහණයේ දී භාවිත කළ යුද උපක්‍රම පිළිබඳවත් ගවේශනාත්මක හෙළි කිරීමක් එහි ඇතුළත්ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles