Sunday, September 22, 2024

චමිපික කී ජනපතිගේ ණය නොගත් කතාවෙි බොරුව වෙරිටේ රිසර්ච් ආයතනයත් තහවුරු කරයි

පසුගිය දින ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තමන්ගේ වසර දෙකක පාලන කාලය තුලදී කිසිදු විදේශ ණයක් නොගත් බවට කල ප්‍රකාශය සාවද්‍ය බව ‘වෙරිටේ රිසර්ච් ආයතනය’පෙන්වා දෙයි.

එහිදී වෙරිටේ රිසර්ච් ආයතනය සිදුකරන ලද දත්ත රැස්කිරිමේදී මුදල් අමාත්‍යංශයේ 2020 වාර්ෂික වාර්තාව හා 2022 රාජ්‍ය මුල්‍ය කළමනාකරණ වාර්තාව පාදක කොට ගනිමින් 2020 ජනවාරි සිට 2021 අගෝස්තු දක්වා පමණක් ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 3467ක විදේශ ණය ලබාගෙන ඇති බවට වාර්තා කොට තිබේ.

මෙහිදී චීන සංවර්ධන බැංකුවෙන් ලබාගත් ඩොලර් මිලියන 1308ක ණය ප්‍රමාණයද මෙහි ඇතුලත් බව ඔවුන් පවසයි.

ඒ අනුව ජනපති වරයා විසින් නය ලබාගෙන ඇති බවත් ණය නොගත් බවට සිදු කරන ලද ප්‍රකාශය අසත්‍යක් බවත් එම ආයතනය පවසයි.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම ප්‍රකාශය සිදුකිරීමත් සමඟ මෙම බොරුව පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාද හෙළිදරවු කිරීමක් සිදු කරන ලදී.

මේ වනතෙක් ගනු ලැබූ ණයවල දත්ත ඇතුලත් කරමින් ඒ මහතා මෙම බොරු ප්‍රකාශය පිළිබඳව අනවරණය කරන ලදි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles